ඉදිරි ජනාධිපතිවරණය දක්වා ස්ථාවරව රට පාලනය කිරීමේ අරමුණින් තම පක්ෂයේ නායකත්වයෙන් යුතුව ජාතික ආණ්ඩුවකට එළඹීමට සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
අමාත්‍ය අජිත් පී පෙරේරා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණ යළි ජාතික ආණ්ඩුවකට එළඹීමට තීරණය කර ඇත්නම්, ඊට හේතුව ඇමති මණ්ඩලය ඉහළ නංවා ගැනීම බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙන්වා දෙන්නේ.