Gossips

ජාතික ආණ්ඩු සංකල්පය – රටේ සංවර්ධන වෙනුවෙන් – ඇමති කිරිඇල්ල

ජාතික ආණ්ඩුවක් පිහිටුවා අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කිරීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ අමාත්‍යවරුන් සංඛ්‍යාව වැඩි කර ගැනීමට පමණක් නොව රටේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබද යෝජනාව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය 01 වනදා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙනු ලැබුවා.
මෙම යෝජනාව සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජය තුළ මතු වූ අතර ඇතැම් පිරිස් ඊට දැඩි විරෝධය පළ කළා.
එවන් පසුබිමක් තුළ යෝජනාව ඉදිරිපත් කළ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (03) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජාතික ආණ්ඩුව බිහි කිරීමේ මූලික අරමුණ හෙළි කළා.
එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ අනුමැතිය මේ සදහා ලබා ගැනිමට කටයුතු කරන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ මෙම යෝජනාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පම්පෝරි ගහන එක්සත් ජාතික පක්ෂය සිදුකිිරිමට යන ජාතික ආණ්ඩු යෝජනාව නිවැරදි නොවන බවයි.
නිදහස් පක්ෂ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සදහන් කළේ රටට අහිතකර කිසිදු තින්දුවකට සන්ධානය සහාය ලබා නොදෙන බවයි.
ජාතික ආණ්ඩුව පිළිබඳ එක්සත් ජාතික පක්ෂ යෝජනාව ඉටු කර ගත නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.