Gossips

ජාතික ආණ්ඩු යෝජනා විවාදය කල් යයි

ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරනවා.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ජාතික ආණ්ඩුව තවත් ශක්තිමක්ව පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා කර ඉදිරි දින කිහිපය ඇතුලත යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.
මේ අතර රැකියා විරහිත උපාධිධාරීන් සියලූදෙනා සුදුසු රැකියාවල පිහිටුවීමට රජය පියවර ගත යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටි අතර, ඊට රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පිළිතුරු ලබාදුන්නා.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ රංජිත් සොයිසා ද ඊට මැදිහත්වුණා.