ලබන බදාදා පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ජාතික ආණ්ඩු යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසනවා.
පසුගිය 07 වැනිදා ඒ පිළිබඳව වූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන්ගෙන් ඒ පිළිබඳව සහයෝගයක් නොලැබීම සහ විපක්ෂයේ විරෝධය හේතුවෙන් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම පසුවට කල් තැබීමට රජය කටයුතු කළා.
ඒ අනුවයි ජාතික ආණ්ඩු යෝජනාව ලබන බදාදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ.
මේ අතර, බදාදා දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්ද පැවැත්වෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
එමෙන්ම, මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමට ප්‍රාථමික උත්සහයක එක්සත් ජාතික පක්ෂය නිරතවන බවයි.
