විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන අතර, එහිදී ජාතික ආණ්ඩු යෝජනාව පිළිබද සාකච්ඡා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
ඊට අමතරව පාර්ලිමේන්තුවේ අනෙකුත් ඉදිරි කටයුතු පිළිබදව ද මෙම පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති.
ජාතික ආණ්ඩු යෝජනාව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන්නේ පසුගිය 1 දායි.
මෙම යෝජනාව පාර්ලිමේන්තුව රැස් වී පවත්වන පළමු පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා බවයි ඔහු මීට පෙර ප්‍රකාශ කළේ.
එමෙන්ම, ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තම පක්ෂය අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඊයේ ප්‍රකාශ කළා.
එම පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය අලි සහිර් මවුලානා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ තම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තවදුරටත් සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර, ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තමන් ඉල්ලා සිටි දෙදින විවාදය ලබා නොදීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රශ්න කළා.
ඒ, වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින්. ඊට පිලිතුරු ලබාදීමේදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සහ අමාත්‍ය මනෝ ගනේෂන් ද මැදිහත්වුණා.
