Gossips

ජාතික ආණ්ඩුව ගැන කථානායකගේ ප්‍රකාශය අද

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩුවේ වලංගුභාවය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
ඊයේ (20) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැක්වූ කරුණුවලට පිළිතුරු ලබාදෙමිනුයි කථානායකවරයා මෙම විශේෂ ප්‍රකාශය අද සිදුකරනු ඇත්තේ.
කථානායක කරූ ජයසූරිය මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට දැනුම්දීමක් සිදුකර නොමැති බැවින් ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා අද දිනයේ පිළිතුරු ලබාදෙන බවයි.