Gossips

ජාතික ආණ්ඩුව ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට දැනුම්දීමක් සිදුකර නොමැති බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කතානායකවරයාගෙන් විමසා සිටියේ ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දැනුවත් ද යන්න පිලිබදවයි.
ඊට පිළිතුරු ලෙසයි කතානායකවරයා මේ බව සදහන් කළේ.
එමෙන්ම හෙට දිනයේදී ඒ පිළිබද ප්‍රකාශයක් සිදුකරන බව ද කතානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.