Gossips

ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන සොයන්න නිදහස් පක්ෂ කමිටුවක්

ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ, අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන්.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ මෙම කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායකද ඇතුළත් බවයි.
ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයෙන් අනතුරුව මෙම කමිටුවේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.