ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙහිදී ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ රැදී සිටින නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් කඩිනම් තීරණයක් ගත යුතු බවට තීන්දුවී තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඇතුළු තවත් තීරණාත්මක කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරු 7 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
ඒ, කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී.
