Gossips

ජාතික ආණ්ඩුවට සහය දෙන්න, දෙමළ සන්ධානය සූදානම්

ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සදහා සහයෝගය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
යාපනයේ අද පස්වරුවේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්දිරන් මේ බව ප්‍රකාශ කළා.
මේ අතර, ජාතික ආණ්ඩුව ඉදිරි වසර දෙක තුළත් නොවෙනස්ව පවත්වාගෙන යන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා.
වේයන්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව කියා සිටියා.