Gossips

ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ යෝජනාවක් කතානායකට

ජාතික ආණ්ඩුවක් බිහිකර අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නැංවීමට අදාළ යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, කතානායක කරූ ජයසූරියට භාරදී තිබෙනවා.
අද (01) පෙරවරුවේ මෙම යෝජනාව භාර දුන් බවයි රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය සදහන් කළේ.
ජාතික ආණ්ඩුවක් තුළින් කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු අතර, කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45 ක් නොඉක්මවිය යුතු බවට ද තීරණය කර ඇති බවයි එම යෝජනාව මගින් සදහන් කර ඇත්තේ.