ජාතික ආණ්ඩුවකට තම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික ආණ්ඩු සංකල්පය වර්තමානයට වලංගු නොවන බවයි.
මේ අතර, පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා ඊයේ (21) සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව කියා සිටියේ කැබිනට් මණ්ඩලය 30කට සීමා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
