Gossips

ජාතික අලුත් සහල් මංගල්‍යය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී සිදු කෙරේ

ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී අද පෙරවරුවේ ආරම්භ වුණා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මැති ඇමතිවරුන් එක්ව සිටියා.
එහිදී සාම්ප්‍රදායිකව මාස් කන්නයේ නෙලා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීම මෙහිදී සිදු කෙරුණා.
ජාතික අලුත් සහල් මංගල්‍යයට පෙර චාරිත්‍රානුකූලව සතර වාහල්කඩ කිරි ඉතිරවා සිදුකරනු ලබන දේව කන්නලව්ව සිදු කෙරුණේ ඊයේ දිනයේදියි.rn