Gossips

ජාත්‍යන්තර හෙද දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
‘‘සෞඛ්‍ය සේවය මානව අයිතියකි’’ යන තේමාව යටතේ පැවති මෙම උත්සවය සදහා හෙද හෙදියන් 2500 කට වැඩි පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මේ අතර, මහවැලි සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු වීරකුමාර දිසානායක අද සිය අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කළ අතර, එම අවස්ථාවට ද ජනාධිපතිවරයා එක්වුණා.