Gossips

ජාත්‍යන්තර සාම දිනය සැමරේ

ජාතීන් අතර සහ ජන ප්‍රජාවන් අතර සාමය ප්‍රචලිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත ජාත්‍යන්තර සාම දිනය ඊයේ සමරනු ලැබුවා.
1981 වසරේ දී එක්සත් රාජධානියේ සහ කොස්ටරීකා රාජ්‍යය ඉදිරිපත් කළ යෝජනාවක් අනුව 1982 වසරේ සිට සෑම වසරකම සැප්තැම්බර් 21 වන දා ජාත්‍යන්තර සාම දිනය සමරනු ලබනවා.
මෙවර එහි තේමාව වන්නේ මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනයට වසර 70ක් සපිරෙද්දී සාමය සඳහා ජනතාවට ඇති අයිතිය යන්නයි.
අනාගතයේ සාමකාමී ලෝකයක් සහතික කරලීම සඳහා ආර්ථික හා සමාජ සංවර්ධනය සෑම ලෝක පුරවැසියෙකුටම හිමි විය යුතු බව ජගත් සංවිධානය අවධාරණය කළ කරුණක්.
ඒ සඳහා දුප්පත්කම, සාගින්න, සෞඛ්‍යය, අධ්‍යාපනය, කාලගුණ වෙනස, සනීපාරක්ෂාව ඇතුළු තිරසාර සංවර්ධන ඉලක්කයන් 17ක් ද එමගින් හඳුන්වා දෙනු ලැබුවා.