කලාපය තුළ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වීම සඳහා බෞද්ධ දර්ශනය මනා පිටිවහලක් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික රංගිරි – දඹුළු මහා විහාරයේ විහාරාධිපති ගොඩගම ශ්‍රී මංගල හිමියන්ට තායිලන්ත රජය සියම් රාජ සම්මානය පිරිනැමීම වෙනුවෙන් අස්ගිරි මහා විහාරයේ සංවිධාන කර තිබූ උත්සවයට අද එක්වෙමින්.
