ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කරන ලද සිව් වන ජාත්‍යන්තර යෝගා දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැත්වුණා.
ඒ, නිදහස් චතුරස‍්‍රයේදියි. යෝගා උපදේශකවරුන් 15 දෙනෙකු සඳහා සහතික පත්‍ර ලබාදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුකෙරුණා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු විසින් යෝගා පිළිබඳ ග්‍රන්ථ දෙකක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.
