Gossips

ජාත්‍යන්තර පාසල් නියාමනයට අලුත් ක්‍රමයක්

ජාත්‍යන්තර පාසල්වල කටයුතු නියාමනය කිරීම සඳහා ස්වාධීන සුපරික්ෂණ මණ්ඩලයක් පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මූලික සුදුසුකම් ඇත්නම් තමන් කැමති විභාගයකට පෙනී සිටීමට කිසිවෙකුටත් බාධාවක් නොමැති බවයි.
මේ අතර, උසස් පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශයේ ගැටළුවක් නොමැති බවයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර එම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ.
එමෙන්ම, ඊට අදාළ ගුරු අත්පොත් ගුරුවරුන් වෙත ලබාදී ඇති අතර, ගුරු පුහුණු කටයුතු ද අවසන් කර ඇති බව ඇය කියා සිටියා.