Gossips

ජාත්‍යන්තර පාසල් ගැන සොයන්න කමිටුවක් හෝ කොමිසමක් එන ලකුණු

ජාත්‍යන්තර පාසල්වල සියලූ කටයුතු අධීක්ෂණයට නියාමන කමිටුවක් හෝ කොමිසමක් පත් කිරීමට යෝජිත බව රජයේ ගිණුම් පිලිබද කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.
ඒ, එම කාරක සභාව පසුගියදා නිකුත් කළ දෙවන වාර්තාව මගින්.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීම අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණු අතරින් එකක් වූවත්, ඒ පිළිබඳව වැඩපිලිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.
එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීයා ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර පාසල් නියාමනයට මෙතෙක් තම අමාත්‍යාංශයට බලතල නොතිබූ බවයි.
ජාත්‍යන්තර පාසල් නියාමනයට අදාළව අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව එම බලතල ලැබීමට නියමිත බවද එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීයා ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් චෝදනා කළේ මෙවැනි නියාමනයක් හරහා පෞද්ගලික පාසල් නීත්‍යානුකූල කිරීමට රජය සූදානම් වන බවටයි.