Gossips

ජාත්‍යන්තර පාසල්වල සිසුන් පෞද්ගලික අයදුම්කරුවන්මයි – විභාග කොමසාරිස්

අධ්‍යයන පොදුසහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේදී ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට සිය අයදුම් පත්‍රය පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය මෙම වසරේ ද එලෙසම ක්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට එම පාසලේ නමින් විභාගයට ඉදිරිපත් වීමට මීට පෙර අවස්ථාව තිබුණත් මෙවර එය වෙනස් කර ඇති බවට පළ වන පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් අප විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතගෙන් විමසා සිටියා.
ඔහු කියා සිටියේ ජාත්‍යන්තර පාසල්වලින් ඉදිරිපත් වන අයදුම්කරුවන් මීට පෙර ද පෞද්ගලික අයදුම්කරුවන් ලෙස සලකනු ලැබූ බවයි.
එම ක්‍රමවේදය මෙවර ද ක්‍රියාත්මක වන අතර එහි කිසිදු වෙනසක් සිදුකර නොමැති බවයි ඔහු කියා සිටියේ.