අවසන් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ වැලිගම – හලල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර ජාඇල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු යුද හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාද හමුදාවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මෙරට අධිකරණවලද නඩු පැවරිය හැකි බවයි.