Gossips

ජාත්‍යන්තර නීතියට අනුව රණවිරුවන්ට දඬුවම් කිරීම අපරාධයක් – පොදුජන පෙරමුණ

රටක ත්‍රස්තවාදය සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් මතුවූ විටක එය සංහිඳියාවෙන් අවසන් නොකර, ජාත්‍යන්තර නීති යොදා ගනිමින් රණවිරුවන්ට දඩුවම් කිරීම බරපතල අපරාධයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂය ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ඊට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා වෘත්තීය සමිති නියෝජිතයින් දඩයම් කිරීමේ උත්සාහයක රජය නිරත වන බවයි.