අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය අද සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකි වන බව ඇමරිකානු නාසා ආයතනය පවසනවා.
නාසා පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් සඳහන් කළ පරිදි අද පස්වරු 6.40යේ සිට විනාඩි 4ක කාලයක් අයි.එස්.එස්. හෙවත් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට දිස් වනු ඇති.
වලාකුළුවලින් බාධාවක් නොවුණහොත් ශ්‍රී ලංකාවාසීන්ට එය පැහැදිලිව දැක ගත හැකි වනු ඇති බව ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයේ චාරිකාවකට එක්වූ ඉතාලි ජාතික ගගනගාමී ඉග්නාසියෝ මග්නානි සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
