Gossips

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් හිරු TV ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ වෙනසක්

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් හිරු TV සවස 6.55 ප්‍රවෘත්ති විකාශයේ වෙනසක් සිදු කෙරුනා.
ඒ ප්‍රවෘත්ති නිවේදිකාවන් දෙදෙනෙකු විසින් පමණක් අද ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමයි.
එමෙන්ම අද ප්‍රවෘත්ති විකාශයේ තවත් විශේෂත්වයක් වුයේ කාන්තා දිනය වෙනුවෙන් සැකසුනු විශේෂාංගය සංස්කරණය කරනු ලැබුවේ ද සංස්කරණ ශිල්පිනියක් විසින් වීමයි.
සාමාන්‍යයෙන් හිරු TV ප්‍රවෘත්ති ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රවෘත්ති නිවේදකයෙකු සහ තවත් නිවේදිකාවක් විසින්.
කෙසේවෙතත් අද දිනයේදී ප්‍රවෘත්ති නිවේදිකාවන් දෙදෙනෙකු ප්‍රවෘත්ති විකාශය ගෙන එනු ලැබුවේ ජාත්‍යන්තර කාන්තා දිනයට තවත් විශේෂයක් එක්කරමින්.