Gossips

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.
“සුහුරු කතක්- සොඳුරු ලොවක්” යන තේමාව යටතේ මෙවර ජාතික කාන්තා දින උළෙල අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මෙම ජාතික කාන්තා දින සැමරුම් උළෙල සඳහා කාන්තාවන් 8000ක් පමණ සහභාගී වනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තාවන්ට පමණක් ගමන් කල හැකි විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීම පිළිබඳවද බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
1908 වසරේ මාර්තු මස 08 වනදා ඇමරිකාවේ කර්මාන්ත ශාලාවක සේවය කළ කාන්තාවන් පිරිසක් සිය සේවා මුරය පැය 10 ක් දක්වා අඩුකරගැනීමට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳව මූලික කථිකාව ආරම්භ වී ඇත්තේ 1909 වසරේදීයි.
ඒ අනුව 1910 වසරේදී කෝපන්හේග් හි රැස්වූ අන්තර්ජාතික සමසමාජවාදීන් විසින් ලෝක කාන්තා දිනය ලෙස මාර්තු 8 වන දින නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව 1980 වසරේ ජගත් සංවිධානය විසින් ප්‍රකාශිත වගන්ති 16 කින් යුත් කාන්තා ප්‍රඥප්තියට අත්සන් තබා තිබෙනවා.
මෙවර සමානාත්මතාව, පෞර්ෂත්ව සංවර්ධනය සහ නව්‍යකරණය මත පදනම්ව ලෝකය කාන්තා දිනය සමරනු ලබනවා.