Gossips

ජාත්‍යන්තර කාන්තා දිනයේ ඉතිහාසයට එක්වූ ගමන(ඡායාරූප)

ඉතිහාසයේ ප්‍රථම වතාවට මුළුමනින්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද සිංගප්පූරුව බලා නික්මුණා.
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති අද යූ.එල්. 306 දරණ එම යානය සිංගප්පූරුවට ගොඩ බස්සවනු ලැබූ බවයි ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මෙම ගුවන් ගමන සංවිධාන කර තිබුනේ අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්.
යානයේ නියමුවා මෙන්ම සහායක නියමුවා ද කාන්තාවන් වූ අතර කාර්ය මණ්ඩලයේ සියලුදෙනා ද කාන්තාවන් වීම විශේෂත්වයක්.
එහි සිටි සමස්ථ කාර්ය මණ්ඩලය 8 ක්.
අද අලුයම 1ට යානය කටුනායකින් සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර එය සිංගප්පූරුවට සාර්ථකව ගොඩබස්වනු ලැබු බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු කියාසිටියේ.

ඡායාරූප – කටුනායක ටී කේ ජී කපිල