Gossips

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් ඉන්දියාවට උපදෙසක්

2016 වසරේ ඉන්දියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා රඳවා ගත් ඩොලර් මිලියන 23ක බදු මුදල් මුදා හරින ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඉන්දියාවට දැනුම් දී තිබෙනවා.
ඉන්දීය රුපියල් කෝටි 160ක් පමණ වන එම මුදල දෙසැම්බර් 31 වන දාට පෙර ගෙවන ලෙසයි අයි.සී.සී. ය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ.
එසේ නොවුණහොත් ලබන වසර සඳහා වන ඉන්දියාවට වෙන් කළ ආදායම් ප්‍රතිශතයෙන් එය අඩු කර ගන්නා බව ද එමගින් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම, 2021 වසරේ චැම්පියන්ස් කුසලාන තරඟාවලිය සහ 2023 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියානු සත්කාරකත්වය ඉවත් කිරීම පිළිබදව ද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ අවධානය යොමු වී ඇති බව සඳහන්.