නවදිල්ලියේ පැවැත්වෙන ලෝක ශූරතා වෙඩි තැබීමේ තරගාවලිය සඳහා පාකිස්තාන ක්‍රීඩකයන්ට වීසා බලපත් නිකුත් නොකිරීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව දැඩි පියවර ගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔලිම්පික්වලට අදාළ කිසිදු ගෝලීය තරගාවලියක් ඉන්දියාවේ පැවැත්වීම පිළිබද සාකච්ඡා කිරීම ද අත්හිටුවන බවයි එමගින් සඳහන් කළේ.
ඒ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර තරගාවලි එරට පැවැත්වීම ගැටළුවක් වනු ඇති.
ඉන්දියාව, පාකිස්තාන ක්‍රීඩකයන්ට වීසා බලපත් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේ ඉන්දීය සෙබළුන් 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූ කාශ්මීර ප්‍රහාරයෙන් අනතුරුවයි.
