Gossips

ජාත්‍යන්තර අධිකරණයෙන් ඇමරිකාවට නියෝගයක්

ඇමරිකාව විසින් ඉරානයට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය අද ඇමරිකාව වෙත අතුරු නියෝගයක් නිකුත් කළා.
එමඟින් නියෝග කර ඇත්තේ මානුෂීය භාණ්ඩ සහ ගුවන් සේවා කටයුතු සඳහා පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙසයි.
ඇමරිකාව පැනවූ සම්බාධක ඉවත් කරන ලෙස ඉරානය කළ ඉල්ලීම සළකා බලමින් ජාත්‍යන්තර අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.