Gossips

ජාත්‍යන්තරය කලබල වෙලා – ඇල්ලේ හිමි

ඡන්දය ලබා දුන් ජනතාවට වඩා ජාත්‍යන්තරය, අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් කලබලයට පත්වී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
යුතුකම සංවාද කවය, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (31) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.
නව රජයට මඟ පෙන්වීම සිදුකිරීමට මහා සංඝරත්නය මෙන්ම, රටේ ජනයා ද එක්විය යුතු බවයි උන්වහන්සේ අවධාරණය කළේ.