Gossips

ජාත්‍යන්තරයෙන් මූල්‍යාධාර ලබා ගැනීම ගැටලූවක් නැහැ – අනුර

රටෙහි පවතින තත්ත්වය තුළ ජාත්‍යන්තර වශයෙන් මූල්‍යාධාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට නැගෙන චෝදනා සාවද්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.
ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම ක්‍රියාත්මක වන දිනය දීර්ඝ කිරීමේ කැබිනට් පත්‍රිකාවක් තමා ඉදිරිපත් කර තිබූ බවයි.