Gossips

ජාඇල කන්ටේනර් රථ අනතුරේ රියදුරු තවමත් රෝහලේ

ජාඇල ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී අද අලූයම සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටින කන්ටේනර් රථ රියදුරුගේ තත්ත්වය බරපතල නොවන බව රාගම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
තුවාල ලබා රෝහල් ගත කළ රියදුරු වයස අවුරුදු 27ක් පමණ වන ඇඹිලිපිටිය – සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ ජාඇළ – වැලිගම්පිටිය මංසන්ධියේදී අද අලූයම 2.15ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එම අනතුරින් මියගොස් ඇත්තේ එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කළ පදිකයෙකු සහ කන්ටේනරයේ රිය සහකයායි.
ඔවුන් අවුරුදු 32 සහ 23 වයස්වල පසුවන මොරවක පල්ලෙකන්ද සහ ගාල්ල – පාලටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරට හේතුව රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිවීම බව සඳහන්.
ඒ, හේතුවෙන් කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති අතර, අසළ නවතා තිබූ ලොරි රථයකද එය ගැටී තිබුණා.