ජනතා විමුක්ති පෙරමුණ 20 වන සංශෝධනය හරහා ප්රජාතන්ත්රවාදය සෙවීම විහිලූවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම්, කුමාර ගුණරත්නම් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාතර තැපැල් ශ්රවණාගාරයේ ඊයේ (08) පැවති සම්මන්ත්රණයක් අමතමින්.
ජනතා විමුක්ති පෙරමුණේ අර්බුදය මග හරවා ගැනීම සදහා 20 වන සංශෝධනය ගෙනවිත් ඇති බවයි ඔහු කියා සිටියේ.
ජනාධිපතිවරණයකට මුහුණදීමට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නොමැති බව ද මෙහිදී ඔහු පෙන්වා දුන්නා.