Gossips

ජවිපෙ වැටුප් ඉහළ දැමීමට මිල සූත්‍රයක් ඉල්ලයි

ඉන්ධන මිලට අදාළ සූත්‍රය වහා රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම වැටුප් ඉහළ දැමීම සඳහා මිල සූත්‍රයක්ද ආණ්ඩුව ඉදිරිපත් කළ යුතු බවද එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළා.
ඉන්ධන මිල ඉහළ ගියද ජනතාවගේ වැටුප් වැඩිවීමක් ඒ හා සමානව සිදුවන්නේද යන්න පිළිබඳව ටිල්වින් සිල්වා එහිදී අවධාරණය කළා.