දැනට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන සිය පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ඇප මත නිදහස්වීමෙන් පසුව ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළා.
රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් මොහුව පසුගිය 01 වනදා අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අනතුර සිදුවූ අවස්ථාවේදී ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයා බීමත්ව සිටි බවට අනාවරණ වූ අතර, බදුල්ලේ ඊයේ (03) පැවති ජන හමුවකින් පසුව මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් එම පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන් ප්‍රශ්න කළා.
එහිදී ඔහු ප්‍රකාශ කළේ ඇප ලබාගෙන පැමිණීමෙන් පසු ලාල්කාන්ත සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි.
