බස්නාහිර පළාත් සභාවේ පුටු ගණුදෙනුවේ සිට සියළු ඉදිකිරීම් සහ මිලදී ගැනීම් වලදී මහා පරිමාණයෙන් දූෂණ වංචා සිදුව ඇති බැවින් ඒ පිළිබදව විගණන පරීක්ෂණයක් සිදුකළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල, සිය පක්ෂ මූලස්ථානයේ අද (16) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි කියා සිටියේ තමන් ඒ පිළිබදව විගනකාධිපතිවරයාට ද පැමිණිල්ලක් සිදුකරන බවයි.
