Gossips

ජවිපෙන් විගණකාධිපතිට පැමිණිල්ලක්

ජනතා විමුක්ති පෙරමුණ අද පෙරවරුවේ විගණකාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ, බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු පළාත් සභා පනතට පටහැනි බැවින් ඒ සඳහා මුදල් වෙන් කිරීම නීතිවිරෝධී බවත්, ඒ සම්බන්ධයෙන් විගණනයක් සිදුකරන ලෙසත්, ඉල්ලායි.
මේ අතර, මොරකැටිය – කොවුල්ආර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රය යොදාගනිමින් ආණ්ඩුව ගාස්තු වැඩි කරමින් සිටින බවයි.
රටේ ණය බර පියවා ගැනීම සඳහා තවදුරටත් ණය ලබාගත්තද ඒවා අසම්පූර්ණ ව්‍යාපෘති සඳහා යොදාගැනීම හේතුවෙන් රට තවදුරටත් ආර්ථික වශයෙන් අගාධයකට වැටී ඇති බවද ඔහු එහිදී සඳහන් කළා.