Gossips

ජවිපෙන් ආණ්ඩුවලට චෝදනා

වසර 70 ක් රට පාලනය කළ පාලකයන් බලයට පැමිණීමට පෙර ජනතාවට ලබාදුන් පොරොන්දු බලයට පැමිණිමෙන් පසුව ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ වටවල ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින්.
මේ අතර, පසුගිය කාලසීමාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, විශාල වශයෙන් විවේචනය කළ පුද්ගලයින් මේ වනවිට ඔහුගේ සහයෝගය අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා.
20 වන ව්‍යවස්ථා සංශෝධනයට මහින්ද රාජපක්ෂගේ සහය අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රදේශයේදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.