අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමක් මෙවර අයවැයෙන් ද සිදුකර නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන්වන දිනය වන අද දිනයේ විවාදය ආරම්භ කරමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කළේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට රජයේ නිසි අවධානයක් යොමුව නොමැති බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් අද විවාදයට ගැනෙනවා.
