බදු සහ තෙල් මිල වැඩි කිරීම, සිංගප්පූරු ගිවිසුම, තෙල් ටැංකි විකිණීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරන ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතා රැළියක් කොළඹ දී අද (22) පැවැත්වීමට නියමිතයි.
අද (22) පස්වරු 3ට පමණ මෙම රැළිය පුංචි බොරැල්ල මංසන්ධියෙන් ආරම්භ වී කොළඹ කොටුව දෙසට පැමිණීමට නියමිත බවයි එම පක්ෂය සඳහන් කළේ.
