ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඇතැම් කොටස් පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් පවතින බවට වෘත්තීය සමිති චෝදනා කරනවා.
ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු, ඉංජිනේරු උපාලි රත්නායක කියා සිටියේ රාජ්ය සහ පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ අඹතලේ වැලිවිට නව ජල පවිත්රාගාරයක් ඇරඹීමට කටයුතු සූදානම් වෙමින් පවතින බවයි.
එහෙත් එය අසාර්ථක ක්රමයක් බව පෙන්වා දෙන ඔහු ඊට විරෝධය පළ කරමින් ඉදිරියේදී වෘත්තීය ක්රියාමාර්ගවලට එළැඹෙන බවද සඳහන් කළා.