මෙම වසරේදී ප්‍රමාණවත් වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලා ජලසම්පාදන මණ්ඩල සේවකයින් ආරම්භ කළ වර්ජනය අද (06) දිනයේදීත් ක්‍රියාත්මකයි.
මේ හේතුවෙන් දිවයින පුරා සියලුම ජල සම්පාදන මණ්ඩලවල දෛනික වැඩ කටයුතු ද අඩපණ වී ඇති බවයි ජලසම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ද අද (06) සහ හෙට (07) යන දෙදින තුළ පැය 48 ක සංකේත වර්ජනයක නිරත වනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඞ් මල්වත්තගේ හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ දේපල ණය ක්‍රමය හා භාෂා දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය දියත් කරන බවයි.