Gossips

ජල සහ පාරිභෝගික සේවකයින් වර්ජනයේ

විදුලි ඉංජිනේරුවන් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරද්දී ජල සහ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් ද අද වර්ජනයක නිරතවනවා.
විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ සති අන්ත රාජකාරිවලින් මෙන්ම හදිසි බිඳවැටීම් සහ අලූත්වැඩියා කටයුතුවලින්ද ඉවත්වන බවයි.
දිගුකාලීන විදුලිජනන සැලැස්මට මහජන උපයෝගී කොමිසම මෙතෙක් අනුමැතිය ලබානොදීමට විරෝධය පළ කරමින් පසුගිය 9 වනදා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
මේ අතර වැටුප් වැඩි නොකිරීමේ ගැටළුවක් මුල් කරගනිමින් අද පැය 4 ක සංකේත වර්ජනයක නිරතවන බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කළා.
එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරියෙකුට ආපනශාලා හිමියන්ගේ සංගමයේ යැයි කියාගන්නා පුද්ගලයෙකු තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් එම අධිකාරියේ විමර්ශන නිලධාරීන් අද සිට දීපව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වනවා.