සියයට 25 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් අද පෙරවරු 9 ට පැය 4 ක සංකේත වර්ජනයක් දියත් කරනු ලබනවා.
එමෙන්ම, සිය සාමාජිකයින් අතිකාල සහ සති අන්ත නඩත්තු කටයුතු වලින් බැහැරව සිටින බවයි ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ කැදවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ.
