Gossips

ජල විදුලි නිෂ්පාදනය ඉහළට

පවතින වැසි තත්ත්වයත් සමඟ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.
ජල විදුලිය නිෂ්පාදනය කිරීමට භාවිත කරන ප්‍රධාන ජලාශ 6 ක ජල මට්ටම සියයට 52.6 ක් ලෙස වාර්තාවී ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම සියයට 68.2ක්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 55.5 ක්, මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම සියයට 47.1 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම සමනල වැව ජලාශයේ ජල මට්ටම සියයට 52.4 ක් වන අතර, කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 44.7 ක් වනවා.
මේ අතර නොරෝච්චෝලේ තාප බලාගාරයේ අලූත්වැඩියා කටයුතු සඳහා අක්‍රිය කළ ජනන යන්ත්‍රය මේ මස 21 වනදා වනවිට යථා තත්ත්වයට පත්කළ හැකිවනු ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.