Gossips

ජල ගැලීම්වලින් ගාල්ලේ 7742 කට පීඩා (ඡායාරූප)

පැවති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7742 ක් සහ කළුතර – බේරුවල ප්‍රදේශයේ පුද්ගලයින් 635 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
දංගෙදර, ගල්වඩුගොඩ, කනම්පිටිය, දේද්දුගොඩ, සමගිවත්ත, කලේගාන හංදිය සහ නුගදූව ඇතුලු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇතැයි සඳහන්.
අප වාර්තාකරුවන් සඳහන් කළේ නිවාසවලට හානිවීම් සහ පස් කඳු කඩා වැටීම් ද පවතින වී ඇති බවයි.
එමෙන්ම මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබෙනවා.

ඡායාරූප – හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්