Gossips

ජල ගැල්මෙන් පීඩාවට ලක්වූ ජපානයට සුළි සුළගක්

මේ මස මුලදී මහා ජල ගැල්මකින් සහ නායයාම් වලින් පීඩාවට ලක් වූ බටහිර දිග ජපානයට ප්‍රචණ්ඩ සුළි සුළගක් මේ වනවිට ළගා වෙමින් පවතිනවා.
කාලගුණ විද්‍යා අංශ සදහන් කළේ ජොන්දාරි ලෙස නම් කෙරුණු මෙම සුළි සුළග ජපානයේ ප්‍රධාන දිවයිනට හෙට රාත්‍රියේ ඇතුළුවනු ඇති බවයි.
පැයට කිලෝමීටර් 200 ඉක්මවූ මෙම සුළි සුළගින් දැඩි වර්ෂාපතනයක් නායයාම් මෙන්ම, උස් රළ ඇතිවිය හැකි බව ද එමගින් සදහන් කළා.
ජොන්දාරි සුළි සුළග අද උදෑසන ටෝකියෝ නුවරට කිලෝමීටර් 1200 ක් ඈතින් රැදී පැවති බව සදහන්.
මේ මස මුලදී බටහිරදිග ජපානයේ ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පුද්ගලයන් 220 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා.