මේ මස මුලදී මහා ජල ගැල්මකින් සහ නායයාම් වලින් පීඩාවට ලක් වූ බටහිර දිග ජපානයට ප්රචන්ඩ සුළි සුළඟක් මේ වනවිට ළඟා වෙමින් පවතිනවා.
ජපාන කාලගුණ විද්‍යා අංශ සඳහන් කළේ ජොන්දාරි ලෙස නම් කෙරුණු මෙම සුළි සුළඟ ජපානයේ ප්‍රධාන දිවයිනට අද රාත්‍රියේ ඇතුලූවනු ඇති බවයි.
පැයට කිලෝමීටර් 200 ඉක්මවූ මෙම සුළි සුළඟින් දැඩි වර්ෂාපතනයක් නායයාම් මෙන්ම, උස් රළ ඇතිවිය හැකි බව ද එමගින් සඳහන් කළා.
ජොන්දාරි සුළි සුළඟ අද උදෑසන ටෝකියෝ නුවරට කිලෝමීටර් 1200 ක් ඈතින් රැදී පැවති බව සඳහන්.
මේ මස මුලදී බටහිර දිග ජපානයේ ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පුද්ගලයන් 220 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා.