ඉදිරි කාලය තුළදී ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන බව නගර සැළසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ ජලසම්පාදන මණ්ඩලයේ ආදායම වැඩි නොවීම හේතුවෙන් ගැටළු රැසකට මුහුණදී ඇති බවයි.
මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළ දළ කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වෙත භාරදී තිබෙනවා.
ඒ, ඊට අදාළව පත් කළ විශේෂඥ කමිටුව විසින්.
එම කමිටුව ඊයේ පස්වරුවේ එහි සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර, එහිදී මෙම දළ කෙටුම්පත භාරදී තිබෙනවා.
