Gossips

ජල ගාස්තු වැඩි කිරීමට ඇමති හකීම් අනුමැතිය ඉල්ලයි

ජල ගාස්තු සියයට 65කින් පමණ ඉහළ දැමීමට ජල සම්පාදන හා නාගරික සැලසුම් අමාත්‍ය රවුෆ් හකීම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙනවා.
මේ සඳහා අමාත්‍යවරයා විසින් ඊයේ (23) පැවැති කැබිනට් රැස්වීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම යෝජනාවට අමාත්‍යවරුන් රිෂාඩ් බදියුදීන් සහ ආචාර්ය සරත් අමුණුගම දැඩි විරෝධය පළ කර ඇති බව ද රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
අමාත්‍ය රවුෆ් හකීම් කියා සිටියේ 2012 සිට ජල ගාස්තු වැඩිවීමක් සිදුකර නොමැති බැවින් මණ්ඩලය පාඩු ලබන බවයි.
කෙසේ වෙතත්, මෙහි අවසන් තීරණය ගැනීමට ජීවන වියදම් කමිටුවට භාර දී තිබෙනවා.